Latestදේශීය

ඔලිම්පික් කමිටු හිටපු මාධ්‍ය කළමණාකරු අත්අඩංගුවට

(රොෂාන් තුෂාර)

අධිකරණය මගින් නිකුත් කර තිබූ විදෙස් ගමන් තහනමක් උල්ලංඝනය කරමින් කටුනායක ගුවන් තොටුපලෙන් රහසිගතව විදෙස් ගතවීමට තැත් කළ බව කියන ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික්  කමිටුවේ හිටපු  මාධ්‍ය කළමනාකරු ගෝභිනාත් සිවරාජා ජුනි මස 5 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට  කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිලණ ගමගේ අද  (27) නියෝග කළේය.

ජාතික ඔලිම්පික් කමිටුවේ සිදුව ඇති බව කියන මූල්‍ය වංචාවකට අදාලව අධිකරණය මගින් සැකකරුගේ විදෙස් ගමන් තහනම් කර තිබී ඇති බවත් එසේ තිබියදී සැකකාර පුද්ගලයා කටුනායක ගුවන් තොටුපළින්  එසේ රහසිගතව විදෙස්ගත වීමට තැත් කිරීමේදී කොළඹ වංචා විමර්ශන කාර්යාංශය මගින් ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බවද එම කාර්යාංශය වැඩිදුරටත් කරුණු දක්වමින් අධිකරණයට දැන්වීය.

ක්‍රීඩා කටයුතුවලට  චීන සමාගමකින් මුදල් ලබාගෙන වංචා කළේ යැයි සැකකිරෙන ගොබිනාත් සිවරාජා ඩාන්ස් ස්පෝර්ට් ශ්‍රී ලංකා නමැති ක්‍රීඩා  සංගමයේ ලේකම් වරයා ලෙස  පෙනී සිට ඇති බවද ක්‍රීඩා කටයතු වලට යැයි පවසමින් මුදල් ලබාගෙන වංචා සිදු කර ඇති බවත්,එම මූල්‍ය වංචා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයන්ට අදාළව අධිකරණය මගින් සැකකරුට විදේශ ගමන් තහනමක් නිකුත් කර ඇති බවත්, සැකකරු සම්බන්ධයෙන් විමර්ශන අවසන් නොමැති බැවින් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් පොලිසිය කරුණු ඉදිරිපත් කරමින් ඉල්ලා සිටියේය.

කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා  සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *