Latestදේශීයමතවාද

චම්පිකට බැරි මාලිමාවට හැකි හේතුව මෙයයි

චම්පික රණවක යනු බුද්ධිමතෙක් බවත්, ඔහු රටක් පාලනය කිරීමට ඉදිරි දැක්මක් ඇති කරගත හැකි නායකත්ව ගුණ තිබෙන චරිතයක් බවත් අපි පිළිගනිමු.

නමුත් අපේ රටේ ගැටලුව වන්නේ ආණ්ඩුව පමණක් නොවේ. ඒ වෙනුවට අපේ රටේ සමාජයේ ඉහල සිට පහලට ගමන් කරන ප්‍රතිසංස්කරණයක් ඉල්ලා සිටියි. එම නිසා අපට අවශ්‍ය වන්නේ ප්‍රාතිහාර්ය පොරොන්දු වන නායකයන් නොවේ.

අපට තිබෙන්නේ සරල ආණ්ඩු බලය හුවමාරු කිරීමකින් පමණක් කිසිදා ජයගත නොහැකි අභියෝගයි. ඒ සඳහා සමාජයක් වෙනස් කිරීමට සමත් උද්යෝගිමත් සංවිධානයක් අවශ්‍ය වෙයි. බදියු කියන ලෙසටම එය ආණ්ඩුව, දේශපාලන ව්‍යාපාරය සහ මහජනයා යන තුන්කොන් ව්‍යාපෘතියක් විය යුතුය.

චම්පික රණවකට කිසිදා කළ නොහැකි වන්නේ මෙයයි. අව්‍යාජ මහජන ව්‍යාපාරයක් ලෙස සැලකිය හැකි ජාතික ජනබලවේගය වැනි පක්ෂයකට බලය හුවමාරැ වීම අත්‍යවශ්‍ය වන්නේ මෙම නිසාය. දේශපාලන නවීනත්වයන් පිළිබඳව අවංක බලාපොරොත්තුවක් හෝ තැබීමට ඉඩක් ලැබෙන්නේ එවැනි උද්යෝගිමත්, සංවිධානගත බහුජන ව්‍යාපාරයකට පමණි.

@බටහිර ඉවුරේ දර්ශනය

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?