Latestදේශීය

පොලිස් නිළධාරියෙක් විසින් තවත් පොලිස් නිළධාරියෙක් පැහැරගෙන ගොස් නිරුවත් කර පහර ‌දෙයි

(රංජිත් රාජපක්ෂ)

නුවරඑලිය පොලිසියේ රාජකාරි අවසන් කර නිවස කරා යමින් සිටි පොලිස් සැරයන්වරයෙකුට පැහැරගෙන ගොස් පහර දි තුවාල සිදු කිරිම සම්බන්ධයෙන් පුළුල් විමර්ෂණයක් ආරම්භ කර ඇති බව නුවරඑළියේ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රේමලාල් හෙට්ටිආරච්චි මහතා පැවසිය.

මෙසේ පැහැරගැනිමට ලක් වි ඇත්තේ නුවරඑලිය පොලිස් ස්ථානයේ පොලිස් සැරයෙන්වරයෙකු ලෙස රාජකාරි කරන තවත් මාස දෙකක කාලයකින් විශ්‍රාම ලබා ගැනිමට නියමිත ඒ.සි.එම්.එම්.නවාස් (59) යන පොලිස් සැරයන්වරයයි.

පහරකැමට ලක් වු පොලිස්  සැරයන්වරයා ඉකුත් (24) රාජකාරී අවසන් කර පස්වරු 6 ට පමණ  නිවසට අවශ්‍ය එළවළු මිලදී ගැනීම සදහා බොරලන්ද ප්‍රදේශයට ගොස් ඇති බවත්, එම අවස්ථාවේදී කිසියම් පිරිසක් විශාල ගලකින් පොලිස් සැරයන්වරගේ පිටුපස ප්‍රදේශයට පහරදී පොලිස් සැරයන්වරයා බිමට ඇද වැටුණු පසු පහරදී ඇති බවත් , ඉන් අනතුරුව අත පය ගැට ගසා ලොරි රථයකින්  නුවරඑළිය පීඩෘ වත්තේ නිවසකට පොලිස් සැරයන්වරයාව රැගෙන ගොස් එම නිවසේදී ඔහු නිරුවත් කර  පහරදී ඇති බවයි පොලිසිය කියා සිටියේ.

නුවරඑලිය පිඩෘ වත්තේ පදිංචිකරුවෙකු විසින් 119 පොලිස් හදිසි ඇමතුම් අංකය වෙත කරන ලද දැනුම් දිමකට අනුව නුවරඑලිය පොලිසිය එම නිවසට ගොස් නිරුවතින් පහරකැමට ලක් වි සිටි පොලිස් සැරයන්වරයා ඉන් මුදාගෙන නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුලත් කර ඇත.

මෙම පහරදීම ඉකුත් (24) දින රාත්‍රියේ රාජකාරී සදහා වාර්තා කළ පොලිස් සැරයන්වරයෙකු වන නවරත්නම් යන පුද්ගලයාගේ මෙහෙයවීම මත සිදුව ඇති බවත් , පහරදුන් පොලිස් නිලධාරියා ඇතුළු  පිරිස තමා අතතිව තිබු රුපියල් විසි හයදහස් හයසියක මුදල් සහ ජංගම දුරකතනය කොල්ල කෑ බවත් , තම නිල ඇදුම්  ඉරා දමමින් තමන්ව නිරුවත්ව නුවරඑලිය පිඩෘ වත්තේ පිහිටි නිවසේ දමා ගිය බව පහරකෑමට ලක්වූ පොලිස් සැරයන්වරයා නුවරඑළිය මූලස්ථාන පොලිසියට කරන ලද පැමිණිල්ලේ සදහන් කර ඇත.

පහරදුන් පිරිස වතුකරයේ ප්‍රබල වෘත්තිය සමිතියක  ආධාරකරුවන් බවත් , එම පිරිස උඹට කල හැකි දෙයක් තිබේ නම් කරන ලෙසට තමන්ට තර්ජනය කල බවට පහර කැමට ලක් වු දැනට නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන පොලිස් සැරයන්වරයා කියා සිටියේ.

මෙම පහරදිම මෙහෙයවු බවට සැකකරන පොලිස් සැරයන්වරයා ඉකුත් ජනවාරි මස වව්නියාව පොලිස් කොට්ඨාශයේ සිට නුවරඑලිය පොලිස් කොට්ඨාශය වෙත ස්ථාන මාරුවිමක් ලබා පැමිණි නිලධාරියෙකු බවත්, එම පොලිස් සැරයන්වරයා ඉකුත් වසරේ දෙසැම්බර් මස ඔහුගේ බිරිදට කරන ලද පහරදිමක් සම්බන්ධයෙන් බිරිද විසින් කර ඇති පැමිණිල්ලක් අනුව විමර්ෂණ සිදු කර ඇත්තේ පහර කැමට ලක් වු පොලිස් සැරයන්වරයා විසිනි.

එසේ සිදු කල විමර්ෂණයෙන් තමන්ට අසාධාරණක් සිදු කර ඇති බවත්,  තම බිරිද සමග පහරකැමට ලක් වු පොලිස් සැරයන්වරයා  සමීප ඇසුරක් තිබු බවට පවසමින් එම නිලධාරින් දෙදෙනා වරින් වර ගැටුම් ඇති කරගෙන ඇති බවද නුවරඑලිය පොලිසිය පැවසිය.

පහරදිමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු (26) දින රාත්‍රියේ නුවරඑලිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, පහරදිමට සම්බන්ධ පොලිස් සැරයන්වරයාව වතුකරයේ ප්‍රබල වෘත්තිය සමිතියක නායකයින් රැකවරණය ලබාදෙන බවයි පහරකැමට ලක් වු පොලිස් සැරයන්වරයාගේ ඥාතින් චෝදනා කර සිටින්නේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ පහරදිමට සම්බන්ධ පොලිස් සැරයන්වරයා අත්අඩංගුවට ගෙන නුවරඑලිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව නුවරඑලිය මුලස්ථාන පොලිසියේ ප්‍රධාන පොලිස් පරික්ෂක  ප්‍රේමලාල් හෙට්ටිආරච්චි මහතා කියා සිටියේ.

@Lanka C News

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *