Latestදේශීය

ග්‍රාම නිළධාරී වෘත්තීය ක්‍රියාමාර්ග තවත් දැඩි කරයි

සිය ගැටලු සඳහා විසඳුම් ලබා නොදෙන්නේනම් ඉදිරියේදි තවත් රාජකාරි කිහිපයකින් ඉවත් වන බව ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරී සංගමයේ සභාපති නන්දන රණසිංහ මහතා පැවසීය.

මේ වනවිට පවතින අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් ආපදා රාජකාරි වල පමණක් සේවයෙ නිරත වන බව රණසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

විසඳුම් නොලැබුණහොත් ඉදිරියේදී ජාතික හැඳුනුම්පත් රාජකාරි වලින් සහ මැතිවරණ රාජකාරි වලින් ඉවත් වන බව පවසන සභාපතිවරයා තම ඉල්ලීම් සාධාරණ බවත් එම ඉල්ලීම් දිනාගන්නා තුරු ගතහැකි උපරිම ක්‍රියාමාර්ග ගන්නා බවත් වැඩිදුරටත් පැවසීය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *