Latestවිදේශීය

පුතාගේ විවාහයට අම්බානිගෙන් ඩො. මිලියන 77ක මන්දිරයක් ඩුබායි නුවරින්

සිය බාල පුත්‍රයා වන අනන්ට් අම්බානිගේ විවාහය වෙනුවෙන් ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරික මුකේෂ් අම්බානි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නුවරින් අමෙරිකානු ඩොලර් මිලියන 77.3ක් වටිනා (ඉන්දීය රුපියල් කෝටි 640ක්) සුඛෝපභෝගී මන්දිරයක් තෑගි කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ලබන ජූලි මස 10 වැනිදා සිට 12 වැනිදා දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇති එම විවාහය වෙනුවෙන් තෑගි කිරීමට නියමිත මන්දිරය ඩුබායි නුවර සුප්‍රසිද්ධ පාම් ජුමෙයිරා ප්‍රදේශයේ මුහුදට මුහුණලා පිහිටා ඇතැයි ද, එය වර්ග අඩි තුන්දහසකින් සහ කාමර 10කින් සමන්විත අතිසුඛෝපභෝගී මන්දිරයක් බව ද විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

මුකේෂ් අම්බානි විසින් මිල දී ගත් එම මන්දිරය නවීකරණය කිරීමේ කටයුතු මේ වන විට සිදුවෙමින් පවතින බවත්, එම ඉඩම් ගනුදෙනුව මෙතෙක් ඩුබායි නුවර සිදු කර ඇති ඉඩම් මිල දී ගැනීම් අතරින් දෙවැනි විශාලතම මිල දී ගැනීම බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

@දිනමිණ 


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *