Latestදේශීය

ආර්ථික පරිවර්ථන පනත ඉතා භයානකයි – ජී එල් පීරිස්

(ආරියරත්න රණබාහු)

ආණ්ඩුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ආර්ථික පරිවර්තන පනත ඉතා භයානක ප්‍රතිඵල ගෙන දෙන පනතක් යයි පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල් පීරිස් මහතා කොළඹ (27) පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

මේ වන විට පවතින්නේ ජනවරමක් රහිත පාර්ලිමේන්තුවක් බැවින් එමගින් මෙවැනි පනතක් සම්මත කර ගැනීම ඉතා භයානක බවද මහාචාර්යවරයා කීය. එහිදී මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ රජය ලාභ ලබන ආයතන ලහි ලහියේ විකුණා දැමීමට අවශ්‍යය පිඹුරුපත් කඩිනමින් සකස් කරන බව දැනගන්නට ලැබී ඇති බවය

ජනතා ගැටලු විසඳීම සඳහා අභිනව පාර්ලිමේන්තුවක අවශ්‍යතාවය  වර්තමාන සමාජය තුළින් පිළිබිඹු වන බව කී ඒ මහතා තරුණ පරපුර ඇමතීම සියලු පක්ෂ නායකයින්ගේ යුතුකම බවත් අනාගතයේ ජීවනාලිය  ඔවුන් බවඅමතක නොකළ යුතු යයිද සඳහන් කළේය

වත්මන් ආණ්ඩුව  මැතිවරණවලට දක්වන බිය සුළු බව හේතුවෙන් මුදල් නොමැති යැයි පවසා මැතිවරණ කල් දැමීමට අර  අඳිමින් සිටින බව පැවසූ මහාචාර්යවරයා ඒ සඳහා නොයෙකුත් උපක්‍රම යොදමින් සිටින බවද පැවසීය

පළමුව පැවැත්වෙන්නේ පාර්ලිමේන්තු මැතිවරණයද ජනාධිපතිවරණයද යන්න ගැන ජනතාව කිසියම් කුතුහලයකින් පෙළෙන බව පැවසූ මන්ත්‍රීවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරණය අනිවාර්යයෙන්ම පැවැත්විය යුතු බව සඳහන් කළේය

@ලංකාදීප

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *