Latestදේශීයවිදේශීය

පියමි අඟහරු හි ජීවත්වීමේ අභ්‍යාසය අරඹයි

NASA ආයතනය විසින් සිදු කරන අඟහරු ග්‍රහයා මත වාසය කිරීමට අදාල පර්‍යේෂණයකට තෝරාගත් සිව් දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායම මේ වන විට ඊට අදාළ මෙහෙයුම් ආරම්භ කර ඇතැයි NASA’s Johnson Space Center නිවේදනය කර සිටියි.

මෙම සිව් දෙනාගෙන් යුතු කණ්ඩායමට ශ්‍රී ලාංකික සම්භවයක් ඇති “පියුමි විජේසේකර” ඇතුළත්වේ.

නාසා හි Johnson Space Center හි නිර්මාණය කර ඇති අඟහරු ග්‍රහයාගේ පරිසරයට සමාන සිමියුලේෂන් එකක් වන Human Exploration Research Analog (HERA) හි දවස් 45 ක් ගත කිරීමට පළමුවෙන්ම මෙම කණ්ඩායම ක්‍රියාකරයි.

ඔවුන් මැයි 10වැනිදා සිට ජුනි 24වැනිදා දක්වා මෙම සිමියුලේෂන් එක තුළ පර්‍යේෂණ කටයුතු සිදු කරයි.

සඳ, අඟහරු සහ ඉන් ඔබ්බට වන ගැඹුරු අභ්‍යවකාශ මෙහෙයුම් සඳහා ගගනගාමීන් යැවීමට පෙර ඔවුන් හුදකලාවීම, කුඩා ඉඩක දීර්ඝ කාලයක් සිටීම සහ දුරස්ථ තත්වයන්ට අනුගත වන ආකාරය අධ්‍යයනය කිරීම මෙහිදී විශේෂයෙන්ම අධ්‍යයනය කෙරේ.

මේ වසරේ මෙම පර්‍යේෂණයට සහභාගී වන දෙවන කණ්ඩායම මෙයයි. තවත් කණ්ඩායම දෙකක් මේ වසර ඇතුළත මෙම පර්‍යේෂණයට සහභාගී වීමට නියමිතය.

පියුමි විජේසේකර කැලිෆෝනියාවේ සිලිකන් නිම්නයේ NASA Ames පර්යේෂණ මධ්‍යස්ථානයේ විකිරණ ජෛව භෞතික විද්‍යාගාරයේ පශ්චාත් ආචාර්ය උපාධි පර්යේෂණ විද්‍යාඥයෙකි.

විජේසේකර සැන් ඩියාගෝ හි කැලිෆෝනියා විශ්වවිද්‍යාලයෙන් ජෛව ඉංජිනේරු විද්‍යාව පිළිබඳ සිය උපාධිය ද, පෙන්හි පිට්ස්බර්ග්හි කානගී මෙලන් විශ්වවිද්‍යාලයෙන් ජෛව වෛද්‍ය ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති සහ ආචාර්ය උපාධි ද ලබා ඇත.

ඇයගේ ආචාර්ය උපාධි පර්යේෂණය ශ්වසන රෝග අධ්‍යයනය කිරීම හා බැඳී පවතී.

පියුමි විජේසේකර දැනට ජීවත් වන්නේ සැන් ෆ්‍රැන්සිස්කෝහිය.

@දිනමිණ

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?