Latestදේශීය

අනුර අධිකරණයට යයි – ජොන්ස්ටන්ගෙන් මිලියන 500ක් වන්දියක් ඉල්ලයි

(රෝෂන් තුෂාර)

හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී  ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා සිදුකළ දේවේශ සහගත ප්‍රකාශයකින් සිදුවූ අපහාසයට රුපියල් මිලියන 500ක වන්දියක් අය කර දෙන්නැයි ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා කොළඹ දිසා අධිකරණයේ සාක්ෂි දෙමින් අද(29) ඉල්ලා සිටියේය.

ඒකාබද්ධ විපක්ෂය තංගල්ල නගර ශාලාවේ 2017 වසරේදී සංවිධානය කළේ යැයි කියන  රැස්වීමකදී ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා කළ ප්‍රකාශයකින් මෙම අපහාසය සිදුවී ඇති බවත් පැවසූ අනුර කුමාර දිසානායක මහතා කැලණිය විශ්ව විද්‍යාලීයේ විද්‍යාවේදී උපාධි සහතිකය ඇතුළු  ලේඛන දහයක් අධිකරණයට ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තුවේ සහ සමාජයේ කීර්තියක් උසුලන තමන්ට සිදුකළ අපහාසයට වන්දි අය කර දෙන ලෙසට ඉල්ලා සිටියේය.

කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන්විතාන මහතා ඉදිරියේ සාක්ෂි කැඳවීය.

@ලංකාදීප


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *