ණය පොලිය ගැන නන්දලාල් වීරසිංහ කියන්නේ ඇත්තද ?
බැංකුවලින් ලබා දී තිබෙන ණය සඳහා අය කරන පොලිය තව දුරටත් අඩු කර ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළ ද, එය ක්‍රියා මාර්ගයක් බවට පත් නොවීමේ ප්‍රවනතාවක් අඛණ්ඩව පවතී.
තව දුරටත් ණය පොලී අනුපාත අඩු කිරීමට මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබේ. ඒ අනුව වාණිජ බැංකු තම ණය ගැතියන්ගෙන් අය කරන පොලිය අඩු කළ යුතු බව මහ බැංකු අධිපතිවරයා මෙයට පෙර අවස්ථා ගණනාවකදී මෙන් ම, මෙවර ද ප්‍රකාශ කර ඇත.
මෙරට සමස්ත මූල්‍ය ආයතන අධීක්ෂණය කිරීමේ සහ නියාමනය කිරීමේ මූලික ම වගකිව යුතු ආයතනය වන ශ්‍රී ලංකා මහ බැංකුව, මූල්‍ය ආයතනවල ණය ගැතියන්ගේ පොලී අනුපාත අඩු කිරීම ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරවීමට අවශ්‍ය බලපෑම් නොකර මගහරිමින් සිටී. මේ නිසා විශේෂයෙන් ම, සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් ද නිවාස ඉදිකිරීම ඇතුළු මූලික අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහා ණය ලබා ගෙන තිබෙන ජනතාව ද අසීමිත පීඩනයකට පත් ව සිටී.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

