ඩලස් ඇතුළු නිදහස් සභාවම සජබට
නිදහස ජනතා සභාවේ ඉතිරි වී සිටින මන්ත්රීවරුන් තවත් සිව් දෙනකු සමගි ජන බලවේගය සමඟ එක්වීම සඳහා වන සාකච්ඡා සාර්ථක වී ඇති බව වාර්තාවේ.
නිදහස ජනතා සභාවේ නායකයා වන ඩලස් අලහප්පෙරුම මහතා සමගි ජන බලවේගයේ මාතර දිස්ත්රික් නායකයා ලෙස පත්කිරීමට සූදානමක් පවතී.
ඊට අමතරව චරිත හේරත් මහතාට කුලියාපිටිය ආසන සංවිධායක ධුරයත් ලලිත් එල්ලාවල මහතාට පානදුර ආසන සංවිධායක ධූරයත් තිලක් රාජපක්ෂ මහතාට අම්පාර සම සංවිධායක ධුරයත් ලබා දීමට නියමිතය.
මෙම පිරිස සමගි ජන බලවේගය සමඟින් එකඟතා අත්සන් තැබීමට නියමිතව ඇත.
මහාචාර්ය ජීඑල් පිරිස්, නාලක ගොඩහේවා ඇතුළු පිරිස සමගි ජන බලවේගයට මුල් අවස්ථාවේ එක් වූ විට ඊට ඉතා තදින් විරුද්ධව පිරිස දෙවැනි අවස්ථාවේ මෙසේ සමගි ජන බලවේගය සමඟ එක්වීමද විශේෂත්වයකි.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

