Latestවිදේශීය

අවධානම් ටයිටැනික් නටඹුන් චාරිකාවට තවත් කෝටිපතියෙක් සැරසේ

ටයි­ටන්  නමැති කුඩා වර්ගයේ සබ්මැ­රී­න­ය­කින් ටයි­ටැ­නික් නෞකාවේ නට­බුන් නැර­ඹී­මට ගොස්  බ්‍රිතාන්‍ය කෝටි­ප­ති­යකු ඇතුළු පුද්ග­ල­යන් පස්දෙ­න­කුට ජීවිත අහි­මි­වීමේ  ඛේද­වා­ච­ක­යෙන් වස­ර­කට පසු අමෙ­රි­කාවේ කෝටි­ප­ති­යකු ද ටයි­ටැ­නික් නට­බුන් ගවේ­ෂ­ණය  කිරීමේ චාරි­කා­වක නිර­ත­වී­මට සූදා­න­මින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.  අමෙ­රි­කාවේ දේපළ වෙළෙඳ සමා­ග­මක හිමි­ක­රු­වකු වන 74 හැවි­රිදි ලැරී කෝනර් සහ  ඔහුගේ සහා­යක පැට්‍රික් ලාහේ එම චාරි­කා­වට එක්වී­මට කට­යුතු කර­මින් සිටින බව  විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

ඔහියෝ ප්‍රාන්ත වැසි­යකු වන මේ  කෝටි­ප­තියා පසු­ගිය වසරේ නට­බුන් නැර­ඹී­මට ගොස් ජීවි­තය අහිමි කර­ගත් ඕෂ­න්ගේට්  සමා­ගමේ හිමි­කරු වන ස්ටොක්ටන් රෂ් මෙන්ම ත්‍රාස­ජ­නක ක්‍රියා­කා­ර­ක­ම්ව­ලට ඇබ්බැහි  වූවකු බව විදෙස් මාධ්‍ය සඳ­හන් කළේය. උතුරු අත්ලා­න්තික් සයුරේ අඩි 12,000කට  වඩා මුහුදු පතුලේ තැන්පත් වී ඇති ටයි­ටැ­නික් නෞකාවේ නට­බුන් මෙන්ම පසු­ගිය  වස­රේදී මුහුද යටදී පිපිරී ගිය ටයි­ටන් සබ්මැ­රී­නයේ සුන්බුන්ද ගවේ­ෂ­ණය කිරීම  ලැරී කෝනර්ගේ අර­මුණ වී ඇත. ඔවුන්ගේ ගවේ­ෂණ චාරි­කාව සිදු කිරී­මට නිය­මි­තව  ඇත්තේ අමෙරිකානු ඩොලර් මිලියන 20ක් වැය කරමින් තැනූ ට්‍රයි­ටොන් නමැති කුඩා වර්ගයේ සබ්මැ­රී­න­ය­කින් බවත්, අමෙ­රි­කාවේ සාගර  ගවේ­ෂණ සහ­ති­කය ලැබී­මෙන් පසු චාරි­කාව ආරම්භ කරනු ඇති බවත් සඳ­හන් වේ.

පෞද්ග­ලික  ගග­න­ගා­මි­යකු ලෙස නාසා ආය­ත­නයේ සහ­ති­ක­ලත් මේ කෝටි­ප­තියා මීට පෙර අභ්‍ය­ව­කාශ  නැව­තුම් මධ්‍ය­ස්ථා­න­යට ද ගොස් ඇති අතර, පැසි­ෆික් සයුරේ අඩි 20,000ක් ගැඹු­රට  කිමි­දී­මට සමත්වූ පුද්ග­ල­යෙකි. හෙතෙම අන­තු­රු­දා­යක ෆෝමි­යුලා මෝටර් රථ තර­ග­ව­ලට ද  ඉදි­රි­පත් වී ඇතැයි වාර්තා වේ.

@දිනමිණ 

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?