Latestදේශීය

ආසියාවේ දෙවන ජනප්‍රියම සංචාරක ගමනාන්තය ශ්‍රී ලංකාව

සංචා­රක ආක­ර්ෂ­ණය අතින් කලා­පීය රට­වල් අතර ඉදි­රි­යෙන් පසු­වන ශ්‍රී ලංකාව ආසි­යාවේ දෙවැනි ජන­ප්‍රි­යම සංචා­රක ගම­නා­න්තය ලෙස නම් කර තිබේ.  ඉන්දීය ජන­මාධ්‍ය ආය­ත­න­යක් වන ‘ටයිම්ස් ඔෆ් ඉන්දියා’ විසින් මේ ලැයි­ස්තු­ගත කිරීම සිදු­කර ඇත. ඒ අනුව ‘ආසි­යාවේ ජන­ප්‍රි­යම සංචා­රක ගම­නාන්ත’ අත­රට ශ්‍රී ලංකාව ද නම් කර තිබේ. ශ්‍රී ලංකා­වට එම ලැයි­ස්තුවේ දෙවැනි ස්ථානය හිමිව තිබීම ද විශේ­ෂ­ත්ව­යකි.

Times Travel විසින් ශ්‍රී ලංකාව පෙන්වාදී ඇත්තේ රටේ පොහො­සත් සංස්කෘ­තික උරු­ම­යන්, සිත් ඇද­ග­න්නා­සුලු වෙරළ තීර­යන්, සශ්‍රීක තේ වතු සහ විවිධ වන සතුන් සඳහා ප්‍රසිද්ධ දූප­තක් ලෙසයි. ඉන්දු­නී­සි­යාව, තායි­ල­න්තය, ඉන්දි­යාව, විය­ට්නා­මය, නේපා­ලය සහ ජපා­නය යන රට­වල් සමඟ ශ්‍රී ලංකාව මෙලෙස ලැයි­ස්තු­ගත කිරීම සිදු කර තිබෙන බව ද වාර්තා වෙයි.   මෙවැනි තත්ත්ව­යක් තුළ 2023 වර්ෂ­යට සාපේ­ක්ෂව මේ වස­රේදී විශාල සංචා­ර­ක­යන් පිරි­සක් මෙර­ටට පැමිණ තිබෙන අතර, මේ වසරේ මැයි මාසයේ මේ දක්වා කාලයේ විදෙස් සංචා­ර­ක­යන් 79,431 දෙනකු පැමිණ තිබේ.

@දිනමිණ 

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *