Latestදේශීය

පාලකයන් අපේ ඉල්ලීම් නොසලකා හරිනවා , අපේ අරගලය දිගටම ක්‍රියාත්මකයි – කාදිනල් හිමි

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස තමන් වහන්සේ ඇතුළු කතෝලික සභාව කළ ඉල්ලීම බලධාරීන් විසින් නොසලකා හරිමින් තිබෙන නමුත් සිය අරගලය අත් නොහරින බවත් අරගලය අලුත් කර යුක්තිය වෙනුවෙන් සටන් කරන බවත් කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණෝ ප්‍රකාශ කරති.

ඒ හිමියෝ මේ බව ප්‍රකාශ කළේ පසුගිය 2019 වසරේ පාස්කු දින එනම් අප්‍රේල් 21 වනදා එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත් වූ තරුණ මවගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට (28) එක් වූ අවස්ථාවේදීය.

එහිදී මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් අදහස් දැක්වූ කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණෝ,

“ඒ සත්‍ය හෙළිදරව් කරන්නට දැන් බලයේ ඉන්න අය කිසිඳු උත්සාහයක් දරන්නේ නැහැ. ඒ අය බලාපොරොත්තු වෙන්නේ අපි ඒ අය කියන දේවල් පිළි අරගෙන, මේක සේරම කොට්ටේ යට හංගලා තියයි කියලා. එයාලා පුරුදුවෙලා ඉන්නේ එහෙමයි. එයාලගේ පක්ෂය, එයාලගේ නායකයෝ අවුරුදු ගණනක් තිස්සේ මේ රටේ සිදුවෙච්ච මිනීමැරුම්, අතුරුදහන් වීම්, ඒව කිසි දේකට වග කියන්නෙ නැතුව ඒ සෑමදෙයක්ම වැලි යට හංගලා තියන්න පුරුදු වෙච්ච ඈයෝ. ඒක නිසා ඒගොල්ලන්ගෙන් අපිට මේකටත් යුක්තියක් බලාපොරොත්තු වෙන්න බැහැ කොහොමටවත්. ඒක අවුරුදු 05ක් තිස්සේ අපි දැකලා තියෙන දෙයක්. තුට්ටු දෙකකටවත් ගණන් ගත්තේ නැහැ අපේ ඉල්ලීම්. ඒ නිසා ඇත්තවශයෙන්ම අපි බලවත් සේ කනගාටු වෙන්වා, මේ වගේ අවස්ථාවලදී මේ මිනිස්සුන්ට කරපු මහා වින්නැහිය. මේ පිළිබඳව සත්‍ය හෙළිදරව්කරගැනීමට අපිට තියෙන කැමැත්ත හා ආශාව අපි නැවත වරක් අලුත් කරන්නට කැමතියි මේ අවස්ථාවේදි.”

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *