Latestදේශීය

‘රැජින මේරි’ බහු­දින යාත්‍රාව සමඟ ධීව­රයෝ 6ක් අතු­රු­දන්

වෙන්න­ප්පුව වෙල්ල­ම­න්ක­රය ධීවර වරා­යෙන් මුහුදු ගිය රැජින මේරි  බහු­ධින ධීවර යාත්‍රාව ධීව­ර­යන් හය දෙනෙකු සමඟ අතු­රු­දන් වී ඇති බව එහි හිමි­කරු ඩබ්ලිව්.පී. වාස් මහතා ධීවර දෙපා­ර්ත­මේ­න්තු­වට දැනුම් දී තිබේ.

ධීවර යාත්‍රාව මුහුදු ගොස් ඇත්තේ පසු­ගිය මාර්තු මස 26 වැනි දිනය.ඔවුන් මේ අන­තු­රට මුහුණ පා ඇත්තේ මේ මස 23වැනි දිනය.මේ මස 16 වැනි දින මුල් වරට මේ යාත්‍රාවේ නිය­මුවා යාත්‍රාවේ හිමි­ක­රුට දැනුම් දී ඇත්තේ යාත්‍රාවේ සියලු බැටරි ක්‍රියා විර­හිත බවයි. ඒ අනුව වෙනත් යාත්‍රා­ව­කින් බැට­රි­යක් ලබා­ගෙන මේ මස 23 වැනි දින දක්වා ගොඩ­බිම සමඟ සම්බ­න්ධතා  පවත්වා ඇති අතර  23වැනි දින සිට එම සම්බ­න්ධතා ද  නැවතී තිබේ.

අතුරුදන් වූ යාත්‍රාවේ සිටි ධීව­ර­යන් මාර­විල,තොඩු­වාව හා මහ­වැව ප්‍රදේ­ශ­වල පදිං­චි­ක­රුවෝ වෙති.

@දිනමිණ

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?