මිදිගම රුවන් මෙරටට රැගෙන එයි
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
පාතාල ලෝකයේ නායකයකු සහ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ බවට සැලකෙන දුන් චින්තක හෙවත් හරක් කටා නමැත්තා ගේ මස්සිනා වන මිදිගම රුවන් නමැත්තා අද දිවයිනට රැගෙන ඒමට නියමිත බව පොලිසිය කියයි.
ඔහු දැනට ඩුබායි පොලිස් අත්අඩංගුවේ පසුවන අතර ඔහු රැගෙන ඒම සඳහා කොළඹ ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයේ පොලිස් අධිකාරීවරයකු ගේ ප්‍රධානත්වයෙන් යුත් පොලිස් කණ්ඩායමක් ඩුබායි බලා පිටත්ව ගිය බව උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.
ඩුබාහී පිහිටි රාත්‍රී සමාජ ශාලාවක ඇතිවූ ගැටුමක් සම්බන්ධයෙන් ඩුබායි පොලිසිය විසින් මීට මාස දෙකකට පමණ ඉහතදී මිදීගම රුවන් නමැත්තා එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.
ජාත්‍යන්තර පොලිසිය විසින් රතු නිවේදන නිකුත් කර තිබූ අපරාධකරුවන්ගේ ලැයිස්තුවේ මොහුගේ නම ද තිබෙන බව පොලිස් ආරංචි මාර්ග වලින් දැන ගැනීමට ඇත.
ඩුබායි පොලිස් අත්අඩංගුවේ පසුවන මොහු අද(30) මේ රටට රැගෙන ඒමට නියමිතය.
හරක් කටා නැමැත්තා ද පසුගිය වසරේ ඩුබායි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කර තිබිණි.
@ලංකාදීප
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

