ගුරු දෙව් සුව අරණ හෙට විවෘත වෙයි
දෙස් විදෙස් දානපතීන්ගේ ආධාර සහ පරිත්‍යාගයෙන් රුපියල් කෝටි 50ක වියදමින් ඉදි වූ හෝමාගම කිරිවත්තුඩුවේ “ගුරුදෙව් සුව අරණ” ගිලන් භික්ෂු මධ්‍යස්ථානය හෙට(01) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරිමට නියමිතයි.
මෙම ගිලන් භික්ෂු මධ්‍යස්ථානය මහල් 05කින් සහ මහල් 03කින් යුක්ත ගොඩනැගිලි දෙකකින් සමන්විත වන අතර මෙම රෝහල් සංකීර්ණයේ කාමර 20ක්, වාට්ටු කිහිපයක්, බෙහෙත් ගබඩා ,හදිසි ප්‍රතිකාර අංශ ,කාර්යාල කාමර ,මුලුතැන්ගෙය,දන්ගෙය,වෛද්‍යවරුන් සඳහා නේවාසිකාගාර ,ස්වාමීන්වහන්සේලා 500 නමකට එකවර භාවනා යෝගීව සිටීමට ශාලාවක් ඉදිකර තිබේ.යුධ හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් විශ්ව ශක්තිය ගලා ඒමට මං සළකුණු සැකසූ ඉතා මනරම් කැණිමඬලක් මෙම රෝහලේ ඉදිකර තිබෙන අතර, දාන ශාලාවක්, වෛද්‍ය නිල නිවාස, හෙද නිල නිවාස අභ්‍යන්තර කාර්ය මණ්ඩලය සඳහා නිල නිවාස මෙන්ම විදුලි සෝපාන පහසුකම් සහ දෛනික අවශ්‍යතා සඳහා බෙහෙත් හා ඖෂධ ශාලාවක් ද ස්ථාපිතව පවතී.
“ගුරුදෙව් සුව අරණ” ගිලන් භික්ෂු මධ්‍යස්ථානය අඛණ්ඩව පවත්වාගෙන යාමට අරමුදල් භාරයක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන මහාමාර්ග, ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

