Latestක්‍රීඩා

තරුෂි තායිවාන තරගාවලියට

(ප්‍රින්ස් ගුණසේකර)

අසනීප තත්ත්වයක් බව පවසා පිට පිට ජාත්‍යන්තර තරගාවලි 3කට සහභාගි නොවූ මීටර් 800 ආසියානු ශූරී තරුෂි කරුණාරත්න සමඟ මීටර් 800 ක්‍රීඩිකා ගයන්තිකා අබේරත්න හා මීටර් 400 ක්‍රීඩිකා නදීෂා රාමනායක චීන තායිපේ විවෘත මලල ක්‍රීඩා තරගාවලියට සහභාගි වීම උදෙසා ඊයේ තායිවානය බලා පිටත්ව ගියහ.

එමෙන්ම චීනයේ පැවති ජාත්‍යන්තර මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර් 400 තරගයට එක්වූ අරුණ දර්ශන හා හෙල්ල විසි කිරීමේ ක්‍රීඩිකා දිල්හානි ලේකම්ගේ අද දිනයේ චීනයේ සිට තායිවානයට ළඟා වෙති.

මේ චීන තායිපේ විවෘත මලල ක්‍රීඩා තරගාවලිය ඔලිම්පික් සුදුසුකම් ලබා ගැනීමේ තවත් අවස්ථාවක් බැවින් ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට විශාල බලාපොරොත්තුවකි. මේ තරගාවලියේදී අවශ්‍ය පරිසාධන මට්ටමට ළඟා වීමට හෝ ලෝක ශ්‍රේණිගත කිරීමේ ඉදිරියට පැමිණීමේ අවස්ථා උදාකර ගැනීමට අවස්ථා හිමි වේ.

පසුගිය ආසියානු ක්‍රීඩා උලෙළේ රන් පදක්කම්ලාභී තරුෂි කරුණාරත්න බැංකොක් නුවර පැවති ආසියානු සහය දිවීමේ තරගාවලියෙන් ඉවත් වූ අතර, එයට පෙර ජපානයේ ඔසාකා ග්‍රොන් ෆ්‍රී මලල ක්‍රීඩා ශූරතාවලියෙන් හා ඩුබායි ගොන් ෆ්‍රී මලල ක්‍රීඩා තරගාවලියෙන් ද ඉවත් වූවාය. එබැවින් තරුෂි කරුණාරත්නට ඔලිම්පික් සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථා 3ක් මඟහැරී ගොස් ඇති බැවින් පැරිස් ඔලිම්පික් උලෙළට සුදුසුකම් ලැබීමට චීන තායිපේ විවෘත මලල ක්‍රීඩා තරගාවලිය ඇයට හොඳ අවස්ථාවකි.

@දිනමිණ

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *