Latestදේශීය

රුසියානු හමුදා සේවයට ලාංකිකයින් යොමුකළ ඒජන්සියේ හිමිකරු තවදුරටත් රිමාන්ඩ්

රුසියානු හමුදාවේ සේවය සඳහා ශ්‍රි ලාංකිකයින් යොමුකළ චම්පිකා එක්ස්පෝර්ට් විදේශ රැකියා ආයතනයේ හිමිකරු හා එහි කළමනාකරු ජූනි මස 13 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. ඊට අදාළ නඩුව මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ ඊයේ (5/30) යළි කැඳවූ අවස්ථාවේ මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය සිදුකරන ලදී.

එක් අයෙකුගෙන් රුපියල් ලක්ෂ 15 බැගින් මුදල් අයකර, සංචාරක වීසා මගින් රුසියානු හමුදාවේ සිවිල් සේවය සඳහා ශ්‍රි ලාංකිකයින් යොමුකරන බවට ලද පැමිණිලි 7ක් අනුව සැකකරුවන් දෙදෙනා මැයි මස 15 වන දින විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී. කාර්යාංශය වෙත ලද පැමිණිලි අනුව මෙම ආයතනය වංචාකර ඇති මුදල් ප්‍රමාණය රුපියල් කෝටියකට අධික වේ.

කිසිඳු හමුදාවක සේවය සඳහා ශ්‍රි ලාංකිකයින් යොමුකිරිම රජය අනුමත නොකරන බවත්, සංචාරක වීසා මගින් කිසිඳු විටෙක විදේශ රැකියා සඳහා යොමුනොවන ලෙසත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටියි. මෙවැනි ජාවාරම් මෙහෙයවන පුද්ගලයින්ට එරෙහිව තරාතිරම නොබලා දඩුවම් කරන ලෙස අමාත්‍යවරයා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිළධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *