Latestවිදේශීය

උෂ්ණත්වය දරාගැනීමට නොහැකිව ඉන්දියාවේ 15ක් මියයයි

උතුරු සහ මධ්‍යම ඉන්දි­යාවේ ඇතැම් පළා­ත්වල පව­තින අධික උෂ්ණ­ත්වය හේතු­වෙන් ඊයේ වන විට අව­සන් වූ පැය 24ක කාල­සී­මා­වේදී පුද්ග­ල­යන් 15 දෙනකු ජීවි­ත­ක්ෂ­යට පත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඔඩීෂා පළාතේ පම­ණක් මරණ 10ක් වාර්තා වන බවත්, උෂ්ණ­ත්වය සෙල්සි­යස් අංශක 50 පසු­කර ඇති බවත් වැඩි­දු­ර­ටත් වාර්තා වේ.

නව­දි­ල්ලිය, බිහාර්, රාජ­ස්තාන් සහ ජාර්කන්ඩ් පළා­ත්ව­ලින් ද මරණ වාර්තා වී ඇතැයි විදෙස් මාධ්‍ය සඳ­හන් කළේය.

වැඩිම මරණ සංඛ්‍යා­වක් වාර්තා වන ඔඩීෂා පළාතේ රෝහ­ලට තවත් පුද්ග­ල­යන් 30-40 අතර ප්‍රමා­ණ­යක් ඇතු­ළත් කර ඇති අතර, අධික උෂ්ණ­ත්වය හේතු­වෙන් ඇතැම් පුද්ග­ල­යන්ට හෘද­යා­බාධ වැලඳී ඇතැයි ද වාර්තා වේ.

පසු­ගි­යදා නව­දිල්ලි අග­නු­වර උෂ්ණ­ත්වය සෙල්සි­යස් අංශක 52.3ක අග­යක් ගෙන තිබූ අතර, නග­රයේ බොහෝ ප්‍රදේ­ශ­ව­ලට දැඩි අව­දා­නම්සහ­ගත උෂ්ණ­ත්ව­යක් පැවැති බව එරට කාල­ගුණ විද්‍යා ඒක­කය නිවේ­ද­නය කළේය. අධික උෂ්ණ­ත්වය හේතු­වෙන් වායු­ස­මී­ක­රණ නොමැ­තිව නඩු විභාග සිදු කළ නොහැකි බව කිය­මින් නව­දිල්ලි නුවර අධි­ක­ර­ණ­යක විනි­සු­රු­ව­ර­යකු නඩු වාරය නවතා දැමූ බව ද වාර්තා වේ.

@දිනමිණ

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?