Latestදේශීය

කළුතර ගම් රැසක් ජලයෙන් යටවෙයි

(බුලත්සිංහල ලක්මි කුඩලිගම)

කළුතර දිස්ත්‍රික්කය පුරා (01) අද එක දින පැවති වැසි තත්ත්වය හේතුවෙන් අද සවස (5.00) පමණ  වන විට දිස්ත්‍රික්කයේ  මාර්ග රැසක් ගංවතුරෙන් යටව පවතී.

ඒ අනුව අගලවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, කුඩලිගම අගලවත්ත, මාර්ගයේ දූල්ඇල්ල, ප්‍රදේශය, මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ  මතුගම අලුත්ගම මාර්ගයේ වැලිපැන්න හන්දිය, සහ වලගෙදර වත්ත ප්‍රදේශය, මතුගම කළුතර මාර්ගයේ පාන්තිය සහ පාලින්ද නුවර  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ  බදුරලිය මාර්ගයේ මිදලන, ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඉංගිරිය හොරණ මාර්ගයේ බෝධිනාගල හන්දිය, යන ස්ථාන මේ වන විට ජලයෙන් යටව පවතී.

ග්‍රාම සේවා වසම් 33 ක  පවුල්  325 ක පුද්ගලයන් 1202 අපදාවට ලක්ව තිබේ, ඒ අනුව සිදු වූ ආපදාවන් අතර පස්කන්ඩි කඩා වැටීම් (06)  පීඩාවට පත්ව ඇති පුද්ගල සංඛ්‍යාව (27) අකුණු සැර මගින් හානි සිදු වූ සාමාජිකයන් (08)  තද සුළං හේතුවෙන් පවුල් (02) සාමාජිකයන් (06) දෙනෙකු ද ගංවතුර හේතුවෙන් පවුල් (03 ) සාමාජිකයන් (09) දෙනෙකු ද ආපදාවට ලක්ව ඇතැයි කළුතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ  ලුතිනන්  කර්නල්  එම් .ඒ. පී .එස්. පෙරේරා මහතා  සඳහන්  කරයි.

තුවාල ලැබූ පිරිසක් රෝහල් ගත කිරීමට කටයුතු කර ඇති අතර ආපදාවට ලක් වූ පුද්ගලයන් වැලිපැන්න බටහිර හොලින් බෝන් ප්‍රජාශලාව, මුස්ලිම් දේවස්ථානය හා බදුගම නව ජනපදය ප්‍රජාශාලාව යන ආරක්ෂිත ස්ථාන  වෙත යොමුකර  ඇතැයි ලුතිනන් කර්නල් එම්,ඒ පි,එස් පෙරේරා   මහතා වැඩිදුරටත් පැවසීය

@ලංකාදීප

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *