Latestක්‍රීඩාදේශීය

මහ­නු­වර-ගාල්ල අව­සන් සටන අද

ශ්‍රී ලංකා ස්පෝට්ස් ගෘෘප් පුද්ග­ලික සමා­ගම සංවි­ධා­නය කරන ‘ලංකා පාපන්දු කුස­ලාන‘ තර­ගා­ව­ලියේ අව­සන් මහා සටන මහ­නු­වර පිල හා ගාල්ල පිල අතර අද පස්වරු 2.30ට සිටි­ලීග් පිටි­යේදී ආරම්භ වෙයි. යාප­නය, කොළඹ, කළුතර, මීග­මුව, මහ­නු­වර, මධ්‍යම, නැඟෙන­හිර හා ගාල්ල යන පාපන්දු ක්‍රීඩා සමාජ 8ක් මෙම තර­ගා­ව­ලි­යට එක්ව සිටි අතර, ජය­ග්‍රාහී කණ්ඩා­ය­මට රුපි­යල් මිලි­ය­න­යක් හා අනු­ශූර කණ්ඩා­ය­මට රුපි­යල් ලක්ෂ 5ක් පිරි­නැමේ.

‘ලංකා පාපන්දු කුස­ලාන‘ තර­ගා­ව­ලියේ අව­සන් මහා සටන පසු­ගිය 19 වැනිදා පැවැ­ත්වී­මට නිය­මි­තව තිබු­ණ ද අය­හ­පත් කාල­ගු­ණය හේතු­වෙන් කල් දැමී­මට සිදු විය. මෙම තර­ගා­ව­ලියේ පළමු අව­සන් පූර්ව තර­ග­යේදී යාප­නය පිල ගෝල් 5-0කින් මහ­නු­වර පිල විසින් පරා­ජය කළ අතර, දෙවැනි අව­සන් පූර්ව තර­ග­යේදී කොළඹ පිල ගෝල් 2-1කින් ගාල්ල ඉදි­රියේ පරා­ජ­යට පත්විය.

ගෙවී­ගිය වසර කිහි­ප­යේදී අන්තර් ක්‍රීඩා සමාජ පාපන්දු තර­ග­ව­ලදී පිට පිට ශූරතා දිනා­ගත් කොළඹ පාපන්දු සමා­ජය මෙම තර­ගා­ව­ලියේ අව­සන් පූර්ව වට­යේදී ඉව­තට යෑම විශේ­ෂ­ත්ව­යකි. පිලි­ම­ලුන් පිටුදැකීමේ ක්‍රම­යට පැවැති තර­ගා­ව­ලි­යේදී මහ­නු­වර පිල වෙතින් මීග­මුව පිල පරා­ජ­යට පත්වූ අතර, ගාල්ල වෙතින් මධ්‍යම පළාත් පිල පරා­ජය විය.

අද පැවැ­ත්වෙන අව­සන් මහා තර­ග­යට එක්වන මහ­නු­වර හා ගාල්ල කණ්ඩා­යම් දෙකේ ජාතික පිල නියෝ­ජ­නය කළ පළ­පු­රුදු ක්‍රීඩ­ක­යින් කිහි­ප­දෙ­න­කුම සිටින හෙයින් ප්‍රබල තර­ග­කා­රී­ත්ව­යක් අපේක්ෂා කළ හැක.

@දිනමිණ

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?