Latestවිදේශීය

මාධ්‍යවේදී ඝාතනයේ සැකකරුවන් අත්අඩංගුවට ගන්න – පකිස්ථානයේ විරෝධතා

පාකි­ස්තා­නයේ සින්ද් ප්‍රාන්තයේ අවාමි අවාස් දින­පතා ජාතික පුව­ත්ප­තෙහි මාධ්‍ය­වේ­දි­යකු වෙඩි තබා ඝාත­නය කිරිමේ සිදු­වීම සම්බ­න්ධව මෙතෙක් කිසි­වකු අත්අ­ඩං­ගු­වට නොගැ­නීම හේතු­වෙන් එරට දේශ­පා­ලන හා මානව හිමි­කම් සංවි­ධාන රැසක් විරෝ­ධ­තා­වක නිරත වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පසු­ගි­යදා මිර්පුර් මතේලෝ නුව­රදී මහ දවාලේ නාඳු­නන තුව­ක්කු­ක­රු­වකු විසින් වෙඩි තබා ඝාත­නය කරනු ලැබූ මාධ්‍ය­වේදී නස්රුල්ලා ගඩා­නිගේ මර­ණය පිළි­බඳ නිවැ­රදි තොර­තුරු සහ සැක­ක­රු­වන් අත්අ­ඩං­ගු­වට ගන්නා ලෙස ඉල්ලා එම විරෝ­ධ­තාව පවත්වා ඇතැයි ද වාර්තා වේ.

කරච්චි නුවර ‘ප්‍රෙස් ක්ලබ්‘ ස්ථානය ඉදි­රි­පිට පැවැති එම විරෝ­ධ­තා­වට විශාල පිරි­සක් පැමිණ ඇතැයි ද, ප්‍රජා­තන්ත්‍ර විරෝධි රජයේ ක්‍රියා­කා­ර­කම් සිදු­වන බවට චෝදනා කර ඇතැයි ද වැඩි­දු­ර­ටත් වාර්තා වේ. අවාමි අවාස් දින­පතා ජාතික පුව­ත්පතේ මාධ්‍ය­වේදී නස්රුල්ලා ගඩානි මේ වස­රේදි ඝාත­න­යට ලක් වූ පස්වැනි මාධ්‍ය­වේ­දියා බවද වාර්තා වේ.

@දිනමිණ

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *