සයිනොපෙක් ඉන්ධන මිළත් අඩුකරයි
අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි සයිනොපෙක් ඉන්ධන මිලත් සංශෝධනය කර තිබෙයි.
ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 10කින් අඩු කර ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 355කි.
ඔටෝ ඩීසල් රුපියල් 19කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 314ක් වෙයි.
මෙම මිල සංශෝධනයට අනුව සයිනෝපෙක් සමාගම මඟින් අලෙවිකරන ඔටෝ ඩීසල් ලීටරයක මිල සිපෙට්කෝ සහ ලංකා අයි.ඕ.සී මිලට වඩා රුපියල් 3 ක් අඩුවෙන් අලෙවිකරන අතර සෙසු ඉන්ධන මිල ගණන් සිපෙට්කෝ සහ අයි.ඕ.සී මිලට සමාන වේ.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

