Latestදේශීය

ISIS සැකපිට ඔස්මන් පුෂ්පරාජ් අත්අඩංගුවට

(නාගොඩ සුමන උදයන්ත)

ISIS සංවිධානය සමඟ සම්බන්ධ බවට සැකපිට ඉන්දියාවේදී අත්තඩංගුවට ගත් ශ්‍රි ලාන්කිකයා සමඟ සමීප සබදතා පැවැත්වූ බව කියන පුද්ගලයකු අත්තඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුව කළ කොළඹ ප්‍රදේශයේ සිදුකල මෙහෙයුමකදී එම අත්තඩංගුවට ගැනීම සිදුකර තිබේ.

අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 46ක්වූ දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි ඔස්මන් පුෂ්පරාජ් නැමැති පුද්ගලයෙකි.

සැකකරු මෙරට සිට ඉන්දියාවෙ ඉන්දියාවෙදි අත්තඩංගුවට ගත් පුද්ගලයන් මෙහෙයවා ඇතිබව පොලිසිය පවසයි.

ඔස්මන් පුෂ්පරාජ්ගෙ බාල සහෝදරයින් දෙදෙනෙකු පසුගියදා බංගදෙනිය ප්‍රදේශයේදී ත්‍රස්තමර්දන කොට්ඨාසය විසින් අත්තඩංගුවට ගැනිණි.

ISIS ත්‍රස්තවාදීන් බව පවසමින් ශ්‍රී ලාංකිකයන් සිව්දෙනෙකු පසුගිය 20 වනදා ඉන්දියාවෙ අහමදාබාද් ගුවන් තොටුපළේදී ගුජරාටි ප්‍රාන්තයෙ ත්‍රස්ත විරෝධී ඒකකය විසින් අත්තඩංගුවට ගැනිණි.

ඔස්මන් පුෂ්පරාජ් නැමැත්තා අත්තඩංගුවට ගැනීමට පොලිසිය පසුගියදා මහජන සහාය අපේක්ෂා කළේය.

ඔහු සම්බන්ධයෙන් තොරතුරු ලබා දෙන පුද්ගලයකුට රුපියල් ලක්ෂ 20ක් ලබා දෙන බව පොලිසිය පැවසීය.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *