Latestදේශීය

SAITM සහ නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල (NFTH) මොරටුව විශ්ව විද්‍යාලයට පවරාදෙයි

දකුණු ආසියානු තාක්ෂණ හා වෛද්‍ය ආයතනය (SAITM) සහ නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල (NFTH) එළඹෙන අගෝස්තු මාසයේදී මොරටුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට භාර දීමට නියමිත බව ජනාධිපති කාර්යාලය පවසයි.

2025 ජනවාරි මාසයේදී අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට පෙර, පූර්ව සැලසුම් සකස් කිරීම සඳහා මෙම පියවර ගන්නා බවද ජනාධිපති කාර්යාලය නිවේදනය කරයි.

පෞද්ගලික වෛද්‍යවිද්‍යාල ආරම්භ කිරීමට සහ පවත්වාගෙන යාමට එරෙහිව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය මූළිකව ශිෂ්‍ය ප්‍රජාව පසුගිය කාලයේ දැවැන්ත විරෝධතාවයක් දියත් කළ අතර ඒ සදහා සයිටම් විරෝධී සිසුජන ව්‍යාපාරය ගොඩනගන ලදි. පසුව එම අරගලය පුළුල් මහජන ව්‍යාපාරයක් බවට පත්වූ අතර එම මහජන ව්‍යාපාරය හමුවේ පෞද්ගලික ‌වෛද්‍ය විද්‍යාල සදහා මූළික පියවරක් වූ SAITM ව්‍යාපෘතිය නවතා දැමීමට සිදුවිය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *