Latestදේශීය

කෝටි 60ක වාහන අල්ලස් කොමිසමට භාර දෙන්නැයි නියෝග කෙරේ

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවටද වංචා කරමින් නීතිවිරෝධී ලෙස රෙමට ගෙන්වා අනීතිකව ලියාපදංචි කළ කෝටි 60කට අධික වටිනාකමින් යුත් සුඛෝපභෝගී ජිප් රථ 06ක් වහාම අල්ලස් කොමිසමට භාර දෙන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණගමගේ ඊයේ (31) වාහන හිමිකරුවන්ට නියෝග කර තිබේ.

මෙම වාහන හොර රහසේ ආනයනය කර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු පරිගණක පද්ධතියේ දත්ත මකා දමා අනීතිකව ලියාපදිංචි කළ වාහන වන අතර එම අනීතික ක්‍රියාවෙන් රුපියල් මිලියන 300ක රේගු බදු රටට අහිමි වී ඇතැයිද අනාවරණය වී ඇත.

අල්ලස් කොමිසම පැමිණිලි 06 ගොනුකරමින් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව මෙම නියෝගය නිකුත් කළ අතර ලබන හත්වැනි දිනට පෙර ප්‍රශ්නගත වාහන අල්ලස් කොමිසමට ගෙනවිත් භාර දිය යුතු බවද එම නියෝගයේ සඳහන් වේ.

මොන්ටෙරෝ වර්ගයේ ජීප් රථ 03ක් සහ ලෑන්ඩ්කෲසර් ජීප් රථ 03ක් මෙසේ භාරදීමට නියෝග කෙරිණි.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *