මාධ්‍යවේදී ඝාතනයේ සැකකරුවන් අත්අඩංගුවට ගන්න – පකිස්ථානයේ විරෝධතා
පාකිස්තානයේ සින්ද් ප්‍රාන්තයේ අවාමි අවාස් දිනපතා ජාතික පුවත්පතෙහි මාධ්‍යවේදියකු වෙඩි තබා ඝාතනය කිරිමේ සිදුවීම සම්බන්ධව මෙතෙක් කිසිවකු අත්අඩංගුවට නොගැනීම හේතුවෙන් එරට දේශපාලන හා මානව හිමිකම් සංවිධාන රැසක් විරෝධතාවක නිරත වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පසුගියදා මිර්පුර් මතේලෝ නුවරදී මහ දවාලේ නාඳුනන තුවක්කුකරුවකු විසින් වෙඩි තබා ඝාතනය කරනු ලැබූ මාධ්‍යවේදී නස්රුල්ලා ගඩානිගේ මරණය පිළිබඳ නිවැරදි තොරතුරු සහ සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා එම විරෝධතාව පවත්වා ඇතැයි ද වාර්තා වේ.
කරච්චි නුවර ‘ප්‍රෙස් ක්ලබ්‘ ස්ථානය ඉදිරිපිට පැවැති එම විරෝධතාවට විශාල පිරිසක් පැමිණ ඇතැයි ද, ප්රජාතන්ත්ර විරෝධි රජයේ ක්‍රියාකාරකම් සිදුවන බවට චෝදනා කර ඇතැයි ද වැඩිදුරටත් වාර්තා වේ. අවාමි අවාස් දිනපතා ජාතික පුවත්පතේ මාධ්‍යවේදී නස්රුල්ලා ගඩානි මේ වසරේදි ඝාතනයට ලක් වූ පස්වැනි මාධ්‍යවේදියා බවද වාර්තා වේ.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

