ගාසා යුද්ධය තවත් මාස 7ක්
ගාසා තීරයේ යුද්ධය තවත් මාස 7ක පමණ කාලයක් ඇදී යනු ඇතැයි ඊශ්‍රායලයේ ජාතික ආරක්ෂක උපදේශක ට්සචී හැනෙග්බි ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඊශ්‍රායලයේ ගුවන් විදුලි සේවයක සම්මුඛ සාකච්ඡාවකට එක්වූ ජාතික ආරක්ෂක උපදේශකවරයා මේ බව සඳහන් කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. දරුණු හා විශාල සාමාජික පිරිසක් සහිත හමාස් සංවිධානය මෙන්ම ඉතා සුළු පිරිසක් සහිත පලස්තීනයේ ඉස්ලාමීය ජිහාඩ් සංවිධානයත් විනාශ කරන තුරු යුද්ධය නතර නොවනු ඇතැයි ද ඔහු අනාවැකි පළ කර තිබේ.

@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

