Latestදේශීය

නීති විරෝධී ධීවර කටයුතු කළ පුද්ගලයින් 11ක් අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව; යාපනය, කදෙයිකාඩු, චුන්ඩිකුලම්, කුඩාරප්පු සහ නගර්කෝවිල් ප්‍රදේශයන්ට ඔබ්බෙන්වූ මුහුදු ප්‍රදේශයන්හි පසුගියදා  සිදුකල සෝදිසි මෙහෙයුම් මඟින් නීති විරෝධී ‍ලෙස විදුලි ආලෝක ධාරා භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ සහ නීති විරෝධී ලෙසරාත්‍රීකාලයේ කිමිදුම් කටයුතු සිදුකල පුද්ගලයින් එකොළොස් දෙනෙකු (11) සමඟ ඩිංගි යාත්‍රා පහක් (05), මුහුදු කූඩැල්ලන් ගණනින් එක්දහස් එකසියයක (1100) පමණ තොගයක්, කිමිදුම් උපකරණ සහ නීති විරෝධී ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.   

ශ්‍රී ලංකාවට අයත් මුහුද සහ වෙරළ කලාපය ඔස්සේ සිදුකෙරෙන නීති විරෝධී ධීවර කටයුතු මැඩපවත්වා, නීත්‍යානුකූල ධීවර කටයුතු ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටිමින් මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි. 

ඒ අනුව,2024 මැයි මස 31 වන දින උතුරු නාවික විධානයේ වෙත්තලකේනී නාවික ස්ථානගතකිරීමට අයත් චුන්ඩිකුලම් නාවික අනුඛණ්ඩය මඟින් යාපනය, කදෙයිකාඩුසහ චුන්ඩිකුලම්ප්‍රදේශයන්ට ඔබ්බෙන්වූ මුහුදු ප්‍රදේශයන්හි සිදුකල මෙම සෝදිසි මෙහෙයුමේදී, සැකකටයුතු ඩිංගි යාත්‍රා තුනක් (03) නීරීක්ෂණය කර පරික්ෂාවට ලක් කෙරිණි. එහිදී නීති විරෝධී ‍ලෙස විදුලි ආලෝක ධාරා භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් සිව් දෙනෙකු (04) සමඟ එම ඩිංගි යාත්‍රා තුන (03) සහ නීති විරෝධී ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.       

එමෙන්ම, 2024 මැයි මස 31 වන දින උතුරු නාවික විධානයේ වෙත්තලකේනී නාවික ස්ථානගතකිරීමට අයත් මාමුනෙයි නාවික අනුඛණ්ඩය මඟින් යාපනය, කුඩාරප්පු සහ නගර්කෝවිල් ප්‍රදේශයන්ට ඔබ්බෙන්වූ මුහුදු ප්‍රදේශයන්හි සිදුකල මෙම සෝදිසි මෙහෙයුමේදී, සැකකටයුතු ඩිංගි යාත්‍රා දෙකක් (02) නීරීක්ෂණය කර පරික්ෂාවට ලක් කෙරිණි. එහිදී නීති විරෝධී ලෙස රාත්‍රී කාලයේ කිමිදුම් කටයුතු සිදුකල පුද්ගලයින් හත් දෙනෙකු (07) සමඟ එම ඩිංගි යාත්‍රා දෙක (02), මුහුදු කූඩැල්ලන් ගණනින් එක්දහස් එකසියයක (1100) පමණ තොගයක් සහ කිමිදුම් උපකරණ නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.         

මෙම මෙ‍හෙයුම් මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් අවුරුදු 19 ත් 51 ත් අතර වයසේ පසුවන මුල්ලියාන්, තලයාඩි සහ මන්නාරම යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනා ගන්නා ලද අතර, නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් එකොළොස් දෙනා (11), ඩිංගි යාත්‍රා පහ (05), මුහුදු කූඩැල්ලන් තොගය, කිමිදුම් උපකරණ සහ නීති විරෝධී ධීවර ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු කාර්යාලය වෙත භාරදීමට කටයුතු කෙරිණි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?