අවිස්සාවේල්ල ගම් රැසක් යටවෙයි – 4 දෙනෙක් මියයයි
(කේ බුද්ධික කුමාරසිරි)
අනපේක්ෂිත ලෙස ඇද හැලුණු වර්ෂාව නිසාවෙන් සීතාවක ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ පුද්ගලයන් සිව් දෙනකු මියගොස් ග්‍රාම නිළධාරී වසම් 11ක ජනතාව ජලයෙන් යට වී පීඩාවට පත්ව ඇතැයි කොළඹ දිස්ත්‍රික් ආපදා කළමණාකරණ ඒකකය පවසයි.
අවිස්සාවේල්ල පුවක්පිටිය දකුණ ග්‍රාම නිළධාරී වසමේ එකම පවුලේ තිදෙනකු මෙලෙස ජලයෙන් යට වී මියගොස් ඇති බවත් තවත් අයකු පස් කන්දක් කඩා වැටීම නිසා මියගොස් ඇති බවත් එම ඒකකය පවසයි.
ජල ගැලීම් නිසාවෙන් හයිලෙවල් මාර්ගයේ රථ වාහන ධාවනය ද කොස්ගම සිට අවිස්සාවේල්ල දක්වා නතර වී ඇති අතර පුවක්පිටිය දුම්රිය ස්ථානය අසල දී රථ වාහන ජලයේ ගසා ගෙන ගොස් ඇතැයි ද එම ප්‍රදේශයේ ජනතාව පවසති.

@ලංකාදීප
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

