දිස්ත්‍රික්ක 5කට හෙටත් පාසල් නිවාඩු
පවතින අයහපත් කාලගුණ තත්වය මත දිස්ත්‍රික්ක 5ක පාසල් හෙට (04) නොපැවැත්වෙන අතර කොළඹ දිස්ත්‍රික්කයේ හෝමාගම කළාපයේ පාසල් ද නොපවත්වන බව නිල වශයෙන් නිවේදනය කර තිබේ.
අධ්‍යාපන අමාත්‍යංශය අද (03) සවස නිකුත් කළ නිවේදනයට අනුව රත්නපුර, කෑගල්ල, ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවල සියළුම පාසල් නොපවත්වන බව නිවේදනය කර ඇත. අදාළ පළාත්වල අධ්‍යාපන බලධාරීන් සහ කළාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් ලබා දුන් තොරතුරු අනුව මෙම තීරණය ගෙන තිබේ.

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

