Latestවිදේශීය

මැන්ඩෙලාගේ පක්ෂය වසර 30කට පසු බරපතල පසුබෑමක

වරක් නෙල්සන් මැන්ඩෙලා නායකත්වය දුන් අප්‍රිකානු ජාතික කොන්ග්‍රසයට වසර 30ක ඉතිහාසයේ පළමු වරට පාර්ලිමේන්තු බහුතරය අහිමි වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පසුගිය මැයි මාසයේ 29 වැනිදා පැවැති දකුණු අප්‍රිකානු මහ මැතිවරණයේ ඊයේ පස්වරුව වන විට 99% ක ප්‍රතිඵල නිකුත් කර තිබූ බවත්, අප්‍රිකානු ජාතික කොන්ග්‍රසයට ලැබී ඇත්තේ 40% ක ඡන්ද ප්‍රතිශතයක් පමණක් බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. සැමරීමට තරම් ජයග්‍රහණයක් නැති බවත්, හවුල් රජයකට යෑම හැර අන් විකල්පයක් නැති බවත් අප්‍රිකානු ජාතික කොන්ග්‍රසයේ මහලේකම් ෆිකිලේ එම්බලුලා ඊයේ මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර ඇතැයි ද වාර්තා වේ.

වසර 1994දී එරට පැවැති පළමු ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයේ සිට සියලුම මැතිවරණවලදී 50%ක ඡන්ද ප්‍රතිශතයක් අත්කර ගැනීමට මැන්ඩෙලාගේ අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය සමත්වුවද, මෙවර එරට විරුද්ධ පක්ෂ නායකයා ලෙස කටයුතු කළ සුදු ජාතික ජෝන් හෙන්රි ස්ටීන්හොයිසෙන්ගේ නායකත්වයෙන් යුතු ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ වැඩි බලයක් හිමිකරගෙන ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *