Latestදේශීය

රනිල්ට වසර 12ක් දෙන්න, ආසියාවේ බලවත් රටක් හදන්න – වජිර අබේවර්ධන

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට තවත් වසර දොළහක් රට පාලනය කිරීමට ඉඩ දිය යුතු බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා සඳහන් කරයි.

තව වසර දොළහක් රනිල් වික්‍රමසිංහ මහතා රට පාලනය කළහොත් ලංකාව ආසියාවේ බලවත් රටක බවට පත්වෙන බවත් ඒ ගැන කිසිදු සැකයක් නැති බවත් හෙතෙම පැවසීය.

ගාල්ල ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් පසු මාධ්‍ය අමතමින් ඔහු මේ බව පැවසුවේය.

රනිල් වික්‍රමසිංහ මහතාගේ දැනුමට හා පරිණත කමට ළං විය හැකි අයෙකු පෙනෙන තෙක් මානයක නැති බවද පැවසු ඔහු රටක් පාලනය කරන්න අවශ්‍ය වන්නේ ඔලුවක් තිබෙන මිනිහෙක් බවත් ඒ රනිල් වික්‍රමසිංහ මහතා බවත් තවදුරටත් සඳහන් කළේය.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *