Latestදේශීය

කොළඹට ජලය එන ප්‍රධාන නලයක් ගැලවෙයි

අයහපත් කාලගුණික තත්ත්වය සමග කලටුවාව ජාල පවිත්‍රාගාරයේ සිට ක්‍රියාත්මක වන ප්‍රධාන ජල නල සැපයුම් මාර්ගයක කොටසක් ගැලවී ගොස් ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.

ඒ අනුව උදෑසන 6 සිට 9 දක්වාත්, සවස 5 සිට රාත්‍රී 9 දක්වාත් ප්‍රදේශ කිහිපයකට අඩු පීඩන තත්ත්වය යටතේ ජල සැපයුම සිදුකරන බව ජල සම්පාදන මණ්ඩලය වැඩිදුරටත් පවසයි.

ගලගෙදර, පාදුක්ක, ගොඩගම, හෝමාගම, පන්නිපිටිය, රුක්මල්ගම, පැලැන්වත්ත මත්තෙගොඩ, මහරගම, බොරලැස්ගමුව සහ පැපිලියාන ප්‍රදේශවලට මෙලෙස අඩු පීඩන තත්ත්වයක් යටතේ ජලය සැපයෙනු ඇත.

ආරක්ෂක අංශ සහ අනෙකුත් පාර්ශ්වවල සහායෙන් බිඳ වැටී ඇති ප්‍රධාන ජල නළය කඩිනමින් යථාතත්ත්වයට පත්කිරීමට සමග මේ වනවිටත් පියවර ගෙන ඇති බව ද නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *