Latestවිදේශීය

මෝදි 3 වන වරටත් අගමැති වන බවට අනාවැකි

මිලියන 968ක ඡන්දය මඟින් මන්ත්‍රීවරු 543 දෙනකු තෝරා පත්කර ගන්නා ලොව විශාලතම මහමැතිවරණය පෙරේදා ඉන්දියාවේදී නිමාවට පත්වූ අතර, ප්‍රතිඵල හෙට (4) නිකුත් කිරිමට නියමිත බව එරට මාධ්‍ය වාර්තා කළේය. පසුගිය අප්‍රේල් මාසයේ 19 වැනිදා සිට ජූනි මස 1 දින දක්වා දින 44ක් පුරා අදියර 7කින් යුතුව පැවැති මෙවර ඉන්දීය මහ මැතිවරණයෙන් තුන්වැනි වරටත් නරේන්ද්‍ර මෝදි නායකත්වය දරන භාරතීය ජනතා පක්ෂය ඇතුළු සන්ධානය ආසන 543න් 350ක් ජයගනු ඇතැයි දැනටමත් අනාවැකි පළ වී ඇතැයි ද ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

තුන්වැනි වරටත් ඉන්දීය අගමැතිවරයා ලෙස පත්වනු ඇතැයි අනාවැකි පළවිමත් සමඟ නරේන්ද්‍ර මෝදි නව රජයේ පළමු දින සියය ඇතුළත සිදු කළ යුතු කාර්යභාරය පිළිබඳ සාකච්ඡා කිරීමට රැස්වීම් 7ක් පවත්වා ඇතැයි ද ඉන්දීය මාධ්‍ය සඳහන් කළේය.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *