අද පාර්ලිමේන්තුව රැස්වේ
ජුනි මාසයට අදාළ පළමු පාර්ලිමේන්තු වාරය අදින් (04) ආරම්භ වී ලබන 07 වනදා දක්වා පැවැත්වීමට නියමිත වනවා.
පසුගිය 28 වනදා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී ඊට අදාළ පාර්ලිමේන්තු කටයුතු තීරණය කෙරුණා.
ඒ, අනුව අද දිනයේ පෙරවරු 9.30 සිට පෙරවරු 10.30 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන් කර තිබෙන බව සදහන්.අද පෙරවරු 10.30 සිට පස්වරු 5.00 දක්වා කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතයි.
ඉන් අනතුරුව ශ්‍රී ලංකා වරලත් තැරැව්කරුන්ගේ ආයතනය සංස්ථාගත කිරීමේ සහ දැදිගම ශ්‍රී මෛත්‍රී ප්‍රඥාර්ථ බෞද්ධ අධ්‍යාපන දහම් සභාව සංස්ථාගත කිරීමේ පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත් සලකා බැලීමට නියමිතව තිබෙනවා.
අනතුරුව පස්වරු 5.00 සිට පස්වරු 5.30 දක්වා සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

