පලස්තීන රාජ්‍යය පිළිගන්න – එක්සත් ජාතින්ගේ සංවිධානය
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂඥයන් 20 කට අධික පිරිසක් පලස්තීන රාජ්‍යය පිළිගන්නා ලෙස ලොව සියලු රටවලින් ඉල්ලා සිටිති. ඊයේ (03) ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර දී ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් ඔවුහු මේ බව කියාසිටියහ.
එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් 140 කට වැඩි සංඛ්‍යාවක් පලස්තීන රාජ්‍යය පිළිගෙන ඇති අතර, සියලුම රටවල් මෙම ප්‍රවේශය අනුගමනය කළ යුතු බව එම ප්‍රකාශයේ දැක්වෙයි. පලස්තීන රාජ්‍යය පිළිගැනීම පලස්තීනයේ සහ සමස්ත මැදපෙරදිග කලාපයේ තිරසර සාමය සඳහා සපුරාලිය යුතු පූර්ව අවශ්‍යතාවක් බව මෙම විශේෂඥයන් අවධාරණය කර ඇත. ගාසා තීරයේ යුද මෙහෙයුම් වහාම නතර කරන ලෙසත්, දකුණු ගාසා තීරයේ රෆා නගරයේ සිදු කරන හමුදා ආක්‍රමණ අවසන් කරන ලෙසත් ඔවුහු ඊශ්‍රායලයෙන් ඉල්ලා සිටිති.
මෙම වසරේ මැයි 10 වැනි දින පැවති, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 10 වැනි විශේෂ සැසිවාරයේ දී ද එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ දක්වා ඇති පරිදි පලස්තීනය එක්සත් ජාතීන්ගේ සාමාජික රාජ්‍යයක සුදුසුකම් සපුරාලන බව තීරණය කර ඇත.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

