Latestදේශීය

කිරිබත් කා ප්‍රීතිය සැමරූ වතු කම්කරුවෝ

(රංජිත් රාජපක්ෂ)

වතු කම්කරුවෙකුගේ දෛනික වැටුප රු 1700 දක්වා වැඩි කරන ලෙසට රජය මගින් නිකුත් කල ගැසට් පත්‍රය බල රහිත කරන ලෙස වතු සමාගම් විසින් අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබු අතුරු තහනම් නියෝගය අභියාචනාධිකරණය විසින් ප්‍රතික්ෂේප කිරිමට සතුට පල කරමින් වතු කම්කරුවන් පිරිසක් එක්ව (04) දින කිරිබත් අනුභව කරමින් රතිඤ්ඤා දල්වා සතුට පල කරමින් දෛනික වැඩ කටයුතු කල වාර්තා කරනු ලැබුහ.

නුවරඑලිය දිස්ත්‍රික්කයේ තේ වතු ආශ්‍රිත සැම වතු යායකම වතු කම්කරුවන් ජනාධිපතිවරයාට , කම්කරු අමාත්‍යවරයාට සහ තම වෘත්තිය සමිති නායකයින්ට ස්තුතිය පුද කරමින් දෛනික කටයුතු වලට වාර්තා කෙරිණ.

අභියාචනාධිකරණය මගින් අතුරු තහනම් නියෝගය ලබා නොදිම සම්බන්ධයෙන් වතු සමාගම් සියල්ල එක්වි ඉදිරියට ගත ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කරන බව උඩරට ප්‍රධාන තේ වතු සමාගමක උසස් නිලධාරියෙකු පැවසිය.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *