ගුණතිකල රාජපක්ෂගේ පුතා මහින්දානන්දට එරෙහිව නීති මගට
පොහොට්ටු පක්ෂ මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂගේ පුත්‍රයා විසින් පොහොට්ටු පක්ෂ මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේට එරෙහිව අපරාධයක් සම්බන්ධයෙන් කොටුව පොලීසිය හමුවේ පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇතැයි වාර්තා වේ.
(03) පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී පොහොට්ටු පක්ෂ මන්ත්‍රීවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ ගුණතිලක රාජපක්ෂ අතර ඇතිවූ ගුටිබැට හුවමාරුවෙන් තුවාල ලැබූ මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ කොළඹ යුධ හමුදා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.
ඔහුගේ පාදයක අස්ථි බිඳීමක්ද සිදුව ඇති බවත් ඔහුට ශෛල්‍යකර්මයක්ද සිදු කළ බවත් වාර්තා වේ.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

