Latestදේශීය

තෙල් මිළ අඩුවූ සැනින් බස් ගාස්තු අඩුවෙන්නේ නැහැ – බන්දුල ගුණවර්ධන

බස් ගාස්තු තීරණය කිරීම සඳහා දේශපාලන වශයෙන් මැදිහත්වීමේ කිසිඳු හැකියාවක් නොමැති බවත්, බස් ගාස්තු තීරණය කිරීමේ අයිතිය තිබෙන්නේ ජාතික ගමනා ගමන කොමිසම් සභාවට බව ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

ඛනිජ තෙල් මිල අඩු වුනත් බස් ගාස්තු අඩු නොකිරීම සම්බන්ධව අද (04) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ මාධ්‍ය සාකච්ඡාවේ දී මාධ්‍යවේදියෙකු නැඟු පැනයට පිළිතුරු වශයෙන් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

ඒ අනුව, ව්‍යවස්ථාදායක විසින් සම්මත කර දී තිබෙන ජාතික ගමනාගමන කොමිෂන් සභා පනත අනුව බස්ගාස්තු තීරණය කිරීම පිලිබඳ බලය තිබෙන්නේ ජාතික ගමනාගමන කොමිෂන් සභාවට බවත්, කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලය විසින් නිර්ණායක 14 ක් පදනම් කරගෙන බස් ගාස්තු වෙනස් කිරීමේ සුත්‍රයට අනුව බස්ගාස්තු තීරණය කිරීම සිදු කරන බවත් මෙහි දී සඳහන් කළේය.

ඛනිජ තෙල් මිල අඩු වූ පමණින් බස් ගාස්තු අඩු නොවන බවත්, අනිකුත් සංරචකත් සමඟ තාක්ෂණික වශයෙන් ගණන් බැලීමේ නිළධාරීන් හා අදාළ පාර්ශ්ව සමඟ සාකච්ඡා කර ජාතික ගමනාගමන කොමිසම විසින් බස් ගාස්තුව තීරණ කරනු ලබන බවත් අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් සඳහන් කළේය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *