Latestක්‍රීඩා

2024 T20 – ඇෆ්ගනිස්ථානයට විශිෂ්ට ජයක්

2024 T20 ලෝක කුසලාන තරගාවලියේ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සහ උගන්ඩා කණ්ඩායම අතර අද (04) පැවති තරගය ලකුණු 125 කින් ජයග්‍රහණය කිරීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමත්විය

තරගයේ කාසියේ වාසිය හිමි කර ගත් උගන්ඩා කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කර  පළමුව පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 183ක් රැස් කළහ.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ උගන්ඩා කණ්ඩායමට පන්දුවාර 16ක් අවසානයේ සියලුදෙනා දැවී රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 58ක් පමණි.

T20 ලෝක කුසලාන තරගාවලියට අදාළව තවත් තරග 2ක් අද පැවැත්වීමට නියමිතයි.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *