ද. අප්‍රිකානු පිලට කඩුලු 6ක විශිෂ්ට ජයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකාව පරදා කඩුලු 6ක විශිෂ්ට ජයක් හිමි කර ගැනීමට දකුණු අප්‍රිකාව සමත් වුණා.
තරගයේ කාසියේ වාසිය දිනා ගත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමයි. ඒ අනුව ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය කරනු ලැබුවා. ඒ අනුව පන්දුවාර 19 යි එක් පන්දුවක් තුළ සියලු දෙනා දැවී ලබාගත්තේ ලකුණු 77ක් පමණයි.
අනතුරුව ,ලකුණු 78 ක පහසු ජයක් හඹා ගිය දකුණු අප්‍රිකානු කණ්ඩායම පන්දුවාර 16යි පන්දු 2 ක් තුළ තම ජයග්‍රාහී සීමාව පසු කරනු ලැබුවා.
මේ අනුව ඩී කාන්ඩයේ තරග කරන ශ්‍රී ලංකා කණ්ඩායම තම පළමු තරගයේදීම අසාර්ථක තරග ආරම්භයක් ලබා ගනිමින් දැඩි පීඩනයකට පත්ව සිටිනවා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

