ගංවතුර පහව ගොස් ඇති ප්‍රදේශවල සියලු පාසල් විවෘත කෙරේ
ගංවතුර තත්ත්වය පහවගොස් ඇති ප්‍රදේශවල පාසල් විවෘත කරන ලෙසට බස්නාහිර පළාතේ සියලුම පාසල්වල විදුහල්පතිවරුන් වෙත බස්නාහිර පළාත් ආණ්ඩුකාර රොෂාන් ගුණතිලක මහතා විසින් උපදෙස් දී තිබේ.
පැවති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් දිවයිනේ සියලුම පාසල් ජූනි 03 දින නොපැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබුණි.
මේ අතර, පවතින කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයක පාසල් අද (05) දිනයේද වසා දමා ඇත.
පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව පැවසුවේ ඒ අනුව ගාල්ල සහ මාතර සියලු පාසල් ද අද දිනයේත් වසා තැබෙන බවය.
රත්නපුර කලාපයේ සියලු පාසල් ද අද වසා තබන බව ඊයේ (04) නිවේදනය කරන ලදී.
@ලංකාදීප
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

