දකුණු ජර්මනියට ගංවතුර
දකුණු ජර්මනියේ ප්‍රදේශ කිහිපයක පවතින ගංවතුර ජල මට්ටම අඛණ්ඩව ඉහළ යමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මේ වන විට ඩැනියුබ් ගංගාව පිටාර ගලා ඇත.ඒ නිසා ඇතිවූ ගංවතුර තත්ත්වය ඔස්ට්‍රියාව සහ හංගේරියාව දක්වා ගොස් ඇත.ඩැනියුබ් ගංගාවේ ජල මට්ටම මේ වන විට සීඝ්රයෙන් ඉහළ යමින් පවතී.
එසේම විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරන්නේ Bavaria සහ Baden-Württemberg හි අධික වර්ෂාව හේතුවෙන් පස් දෙනෙකු මියගොස් ඇති බවයි.
මියගිය අයගෙන් එක් කාන්තාවක් මියුනිච් නගරයට බටහිර දෙසින් තම මෝටර් රථය මාර්ගයෙන් ඉවතට ගැනීමට නොහැකිව මියගොස් තිබෙන අතර රාජකාරියේ නිරත වී සිටි බැවේරියානු ගලවාගැනීමේ නිලධාරියෙක්ද අතුරුදන් වී ඇති බවයි වාර්තා වන්නේ.
ජර්මනියේ කාලගුණ සේවය පසුගියදා දින ගණනාවක් පුරා දකුණු ජර්මනියට බලපෑ ධාරානිපාත වර්ෂාව අවසන් බව ප්‍රකාශ කර තිබුණා.නමුත් ගංගා තුනක් මුණගැසෙන පාස්සු නගරය ජලයෙන් යටවී ඇති අතර ජල මට්ටම මේ වන විට මීටර් 10ට ආසන්නව ඉහළ ගොස් තිබෙනවා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

