Latestදේශීය

සජිත් අනුර විවාදයට ITN සූදානම්

ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස අතර විවාදය සඳහා සියලු කටයුතු සූදානම් කර ඇති බව දන්වමින් ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ආයතනය එම නායකයින් දෙදෙනාටම ලිඛිතව දන්වා ඇත.

“ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමා හා ගරු අනුර කුමාර දිසානායක මැතිතුමා අතර පැවැත්වීමට යෝජිත වූ එම විවාදය 2024 ජුනි මස 06 වන බ්‍රහස්පතින්දා පැවැත්වීමට එකඟ වී ඇති බව පැහැදිලි වේ.

ඒ අනුව 2024 ජුනි මස 06 වන දින රාත්‍රී 10.00 සිට අප මාධ්‍ය ආයතනය සතු HD මැදිරියේදී එම විවාදය පැවැත්වීමට පහසුකම් සලසා ඇති අතර, එය සජීවී ලෙස විකාශය කිරීමට ද අප විසින් කටයුතු සංවිධානය කර ඇත. ඒ අනුව එම විවාදය සඳහා සහභාගී වන ලෙස කාරුණිකව ආරාධනා කරමු.” යනුවෙන් එම ලිපියේ දැක්වේ.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *