Latestදේශීය

ගුණතිකල රාජපක්ෂගේ පාදයේ අස්ථි බිඳීලා, පැමිණිල්ලට අනුව නීතිය ක්‍රියාත්මක කරනවා – නිහාල් තල්දූව

පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් තම පියාට පහරදී ඇති බවට පාර්ලිමේන්තු මන්ත‍්‍රී ගුණතිලක රාජපක්ෂ මහතාගේ පුත්‍රයා විසින් කොටුව පොලිසියට පැමිණිලි කර තිබේ.

මන්ත‍්‍රීවරයාගේ ලිඛිත පැමිණිල්ලක්ද ඔහු විසින් බාර දී ඇත.

තම පියාට සිදු කළ පහර දීම මත ඔහුගේ පාදයේ අස්ථි බිඳී සැත්කමකින් ඊට යකඩ තහඩු යොදා ඇති බව ද හෙතෙම සඳහන් කළේය.

මේ වන විට තම පියා කොළඹ යුද හමුදා රෝහලේ දැඩි සත්කාරය ඒකකයේ දුරටත් වෛද්‍ය නිරීක්ෂණ මත පසුවන බවත් ඔහු පැවසීය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තලදුව මහතා සඳහන් කරන්නේ ලැබී ඇති පැමිණිල්ල අනුව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරමින් සිටින බවයි.

පැමිණිලිකරු වන ගුණතිලක රාජපක්ෂ මහතා ප්‍රකාශයක් ලබා ගැනීමට පොලිසිය ගියද ඔහු දැඩිසත්කාර ඒකකයේ පසුවීම නිසා ප්‍රකාශයක් ලබාගැනීමට නොහැකි වු බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *