Latestදේශීය

දැරියට අමානුෂික ලෙස පහරදුන් සිද්ධියට චමින්ද ඇතුළු 5ක් බන්ධනාගාරයට

(පියදාස සමරවීර සහ රොමේෂ් මධුෂංක)

පසුගියදා වැලිඔය කල්යානිපුර දී ඉතා අමානුෂික ලෙස සිව් හැවිරිදි දියණියකට පහර දුන් සැකකාර සුලු පියා සමඟ එකී දියණියගේ මව හා තවත් කාන්තාවන් දෙදෙනෙකූ මැයි 19 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස  කැබිතිගොල්ලෑව දිසා විනිසුරු හා මහේස්ත්‍රාත්  කසුන් කාන්චන දසනායක මහතා  අද(05)  නියෝග කලේය.

පදවිය සංචාරක මහේස්ත්‍රාත්  අධිකරණයේ දී මහේස්ත්‍රාත්වරයා එසේ නියෝග කලේ වැලිඔය පොලීසිය

හා පුල්මුඩේ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන සැකකරුවන් වැලිඔය පොලීසිය මගීන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුවය.

කෲරත්වය පත් හතර හැවිරිදි දියණිය අනුරාධපුර පරිවාස  බාරයට පත් කිරීමට  පදවිය සංචාරක මහේස්ත්‍රාත් අධිකරණයේ සියලුම නීතිඥවරු පහරකෑමට ලක්වු දියණිය වෙනුවෙන් පෙනී සිටිමින් කරුණූ දැක්වූහ.

ප්‍රධාන සැකකරු එකම නිවසේ කාන්තාවන් දෙදෙනෙකු සමග අඹුසැමියන් ලෙස ජීවත්වන බවද, පහර කෑමට ලක් වු ලාබාල දියණිය ඉන් එක් කාන්තාවකගේ බවද පොලීසිය අධිකරණය හමුවේ කරුණු දැක්වීය.

@ලංකාදීප


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *