Latestදේශීය

විදුලි සැර වැදී තරුණයෙක් මියයයි

ගං වතුරේ බෝට්ටු පැදීමට ගොස් බෝට්ටුව පදින විට අධි බලති විදුලි රැහැනක ගැටීම නිසා විදුලිසර වැදුණු තරුණයකු (03) මියගොස් ඇතැයි බුලත්සිංහල පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ බුලත්සිංහල දිවලකඩ ග්‍රාම නිලධාරී වසමේ පදිංචි ලොකු සිංහ ආරච්චිගේ දමිත් කුමාර නැමැති 21 හැවිරිදි තරුණයෙකි.

මේ දිනවල දිවයිනේ පවතින දැඩි වර්ෂාපතන කාලගුණ තත්ත්වය හේතු කොටගෙන බුලත්සිංහල දිවලකඩ ප්‍රදේශයේ ජලයෙන් යටවී ඇති අතර එහිදී බෝට්ටුවක නැගුණ පිරිසක් මේ ආකාරයට විනෝද වෙමින් ගමන් කර ඇත..

අදාල තරුණයාගේ මූලික මරණ පරීක්ෂණයේදී සාක්ෂි දුන් බෝට්ටුවේ ගමන් කළ අත්තනායක ලියනගේ ප්‍රභාත් මධුසංක පැවසුවේ ”

අපේ බෝට්ටුවේ විසිදෙනෙක් පමණ සිටියා .අපි ගංවතුර බලන්න බෝට්ටුව පැදගෙන ගියා. දිග රිටක් ආධාරයෙන් තමයි බෝට්ටුව පදවාගෙන ගියේ. උදේ ඉඳලා බෝට්ටුව පද වපු කෙනාට අමාරුයි කියලා  දමිත්  බෝට්ටුව පදවපු රිට ඉල්ල ගත්තා. දමිත් ටික දුරක් රිට ඇන ඇන බෝට්ටුව පැදගෙන ගියා. එකවරම රිට උස්සනකොට අධිබලැති විදුලි රැහැනක වැදුනා   ඒ එක්කම එකවරම දමිත්ව ගංවතුරට වැටුණා. මම වතුරට පැනලා දමිත්ව ගොඩ අරගෙන රෝහලට ගෙනාවා.

බුලත් සිංහල හදිසි මරණ පරීක්ෂක චිරාත් භාරත  මහතා විසින් බුලත්සිංහල රෝහලේදී මූලික මරණ පරීක්ෂණය පැවැත්වූ අතර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දේහය හොරණ දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍ය ඒකකය වෙත යැවීමට නියෝග කර ඇත.

නමුත් පවත්නා ගංවතුර තත්වය මත බුලත්සිංහල හොරණ මාර්ගය ස්ථාන කිහිපයකින් අවහිර වී තිබීම නිසා මෘත දේහය හොරණ දිස්ත්‍රික් රෝහල වෙත ගෙන යාමටඅපහසු වී ඇත.

@දිනමිණ 


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *