Latestවිදේශීය

ඔස්ට්‍රේලියාවේ හමුදාව පහළට – විදෙස් රටවලින් හමුදාවට බඳවාගනී

බ්‍රිතාන්‍යය ඇතුළු විදේශීය රටවලින් සෙබළුන් බඳවාගැනීමට ඔස්ට්‍රේලියාවේ ආරක්ෂක හමුදාවට අවසර ලැබී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඔස්ට්‍රේලියාව මේ තීරණය ගෙන ඇත්තේ එරට හමුදාවට එක්වන පුද්ගලයන්ගේ සංඛ්‍යාව පහළ මට්ටමක පැවැතීම හේතුවෙන් බව ද වාර්තා වේ.

ලබන ජූලි මාසයේ සිට ඔස්ට්‍රේලියාවේ නිත්‍ය පදිංචිකරුවන් වන නවසීලන්ත ජාතිකයන්ට ද ඔස්ට්‍රේලියාවේ හමුදාවට බැඳීමට අයැදුම් කළ හැකි බවත්, ඊළඟ වසරේ සිට බ්‍රිතාන්‍යය, අමෙරිකාව සහ කැනඩාව ඇතුළු රටවල් කිහිපයකින් බඳවා ගැනීම් සිදු කිරීමට අවධානය යොමු වී ඇති බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *