ඉතිහාසයේ බරපතලම වෙන්දේසියක්
භාණ්ඩාගාර බිල්පත් මගින් රජයට ණය ගැනීමේ ඉතිහාසයේ වාර්තාගත ඉහළ ම ලන්සු කැඳවීම කර තිබේ.
ශ්‍රී ලංකා හම බැංකුව විසින් (05) එම ණය ගැනීම සඳහා රුපියල් මිලියන 235,000ක් වෙනුවෙන් එම ලන්සු කැඳවීම කර තිබිණි. ශ්‍රී ලංකා මහ බැංකුව ස්වාධීන කිරීමේ පනත සම්මත කර ගනිමින් රජයේ ණය සැපයීම සම්බන්ධයෙන් සීමා පනවනු ලැබීය. එසේ තිබියදී මේ ආකාරයට ඉතා ඉහළ ම ණය ප්‍රමාණයක් භාණ්ඩාගාර බිල්පත් මගින් ලබා ගැනීමට සූදානම් විය.
මෙම වසරේ මුල් මාස තුන තුළ ඩොලර් බිලියන 4ක් ඉක්මවූ ණය ආණ්ඩුව ලබා ගෙන තිබෙන පසුබිමක මෙලෙස භාණ්ඩාගාර බිල්පත් මගින් ද තවත් විශාල ණය මුදලක් ලබා ගැනීම විශේෂත්වයකි.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

